TNA මන්තී‍්‍රවරු මහකොමසාරිස්වරුන් හමුවීමට යයි

Share

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් මෙරට සිටින මහකොමසාරිස්වරුන් හමුවීමට සූදානම් වේ.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිළි කිරීම සඳහා මෙම හමුව සිදුවන බව වාර්තාවේ..

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණය සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිළි කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ.

ඒ අනුව මෙරට සිටින පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන සියලූම රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් ප‍්‍රකාශ කර ඇත්තේ දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුමක් අපේක්ෂා කිරීම අර්ථ ශූන්‍ය කටයුත්තක් බවයි.

ව්‍යවස්ථා සංශෝධනයක් කරා යාමටද කිසිසේත්ම හැකියාවක් නොමැති බව ඔහු ප‍්‍රකාශ කර තිබේ.

Read more

Local News