හෙරොයින් සමඟ අයෙක් මාට්ටු

Share

වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 100ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News