ගිනි අවියක් ලඟ තබාගත් අයෙක් අල්ලයි

Share

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේදී නිතිවිරෝධී ලෙස ගිනි අවියක් ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්  කළේ, විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් ඔහු සතුව තිබී සොයාගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු අද (26) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News