කුලියාපිටිය මාරක රිය අනතුරේ CCTV දර්ශන නිකුත් වෙයි – PHOTOS

Share

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගය ආසන්නයේ පිහිටි මංසන්දියකදි නවතා සිටි යතුරුපැදිකරුවෙකු යටකරමින් ගිය තම වැන් රථය පැදවු රියදුරු දෙසැම්බර් 07 දක්වා රක‍්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අද(26) නියම කළේය.

එලෙස යළිත් රක‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ සචින් සමීර කාංචන ජයසූරිය නැමැති මීරිගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු වූ අතර මින් පෙර සිද්ධිය වූ බව කියන 23 වැනිදා සැකකරු පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදීද රක‍්ෂිත බන්ධනාගාර ගතකොට තිබිණ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ, දැඩි සත්කාර ඒකකයේ මේවන විටත් ප්‍රථීකාර ලබයි. ඔහු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බවට අනාවරණය වී තිබේ.

සිද්ධිය වූ අයුරු කුලියාපිටිය සුහද එක්සත් වෙළඳ සංගමයේ ආරක‍ෂිත කැමරාවල සටහන්ව තිබූ අතර එම දර්ශනද පොලිසිය අද (26) දින අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් කියා සිටියේ එකවරම බස් රථයක් නවතා තිබෙනු දැක බිය වී තිරිංග වෙනුවට ඇක්සිලේටරය පැගීමෙන් මෙම අනතුර සිදුවී අැති බවයි.

කරුණු සියල්ල හා අදාල සී.සී.ටී.වී දර්ශන කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත් වරයා එහිදී නියෝග කර ඇත්තේ ඇප අයැදුම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

කුලියාපිටිය පොලිස් රථවාහන ස්ථානාධිපති උප පොලිස් පරීක‍ෂක නලීන් මහීපාල, පොලිස් සැරයන් විජේකෝන්(88608) යන නිළධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.

Read more

Local News