Home දේශීය පුවත් බැඳුම්කරේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ජනපති සැරසේ

බැඳුම්කරේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ජනපති සැරසේ

0
බැඳුම්කරේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ජනපති සැරසේ

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

පාර්ලිමේන්තුවේ අද (27) පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක් වූ හෙතෙම පැවැසුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.

පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ අතර එම වාර්තාවේ සිංහල පිටපත මේ වන විටත් ජනාධිපතිවරයාට භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here