ජා ඇළ රන් භාණ්ඩ අලෙවි සැලේ මංකොල්ලය

Share

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු ඊයේ (27) රාත්‍රි 8.25ට පමණ ජා ඇළ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලක් කොල්ලකා පළා ගොස් තිබේ.

එම වෙළඳසැළේ සේවකයින් හට ගිනි අවි පෙන්වා රන් භාණ්ඩ අසුරා තිබූ පෙට්ටි 12ක් මෙම සැකකරුවන් විසින් කොල්ලකා ඇත.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 06ක් පමණ වන බවයි මේ වන විට ගණන් බලා ඇත.

කොල්ලකරුවන් විසින් වෙළඳසැළ තුළ වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

Read more

Local News