පොල් ගෙඩි තුනක් වෙනුවෙන් ජීවිතය බිලිදුන් අක්කා

Share

අතේ තිබුණු පොල් ගෙඩි තුනත් ජීවිතයත් යන දෙකම බේරා ගනන්න උත්සහා කළ තරුණියක් හුළුඔයේ සැඩපහරට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූ පුවතක් බලන්ගොඩින් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අලගුරාජ් සිවගවුරී නමැති 17 හැවිරිදි තරුණියකි.

මවු පිය දෙදෙනාම අහිමි සොහොයුරියන් තිදනකු අතරින් වැඩිමලා වූ මිය ගිය තරුණිය සිය බාල සොහොයුරියන් දෙදෙනා සමග සීයාගේ නිවසේ ජීවත් වී ඇත.

සිද්ධිය වූ දින රාත්‍රියේ රාත්‍රී අහාර පිළියෙළ කිරීමට අවශ්‍ය පොල් ගෙන ඒමට මහ වැස්සේම සිය සොහොයුරියන් දෙදෙනා සමග ගොස් ඇති මිය ගිය තරුණිය ආඅපසු නිවස බලා එද්දී පය ලිස්සා හුළුඔයට ඇද වැටී ඇත. මෙහිදී ඇයගේ නැගිනියක පොල් ‍ගෙඩි සහිත බෑගය අත හැර ගොඩට එන්නයි පවසමින් ඇයට කුඩයක් දිග්කර ඇතත් තරුණිය පොල් ගෙඩි සහති බෑගයද අත නොහැර කුඩය අල්ලාගැනීමට යාමේදී සැඩ පහරේ ගසා ගෙන ගොස් ඇත.

Read more

Local News