බිරියට පිහියෙන් ඇන්න කතගෙන් පළිගත් OICට වැඩ වරදී -කතට ලක්ෂ 10ක් වන්දි

Share

බෝගම්බර බන්ධනාගාරයේදී අමානුෂික ලෙස වධ හිංසනයට ලක්වූ කාන්තා රැඳවියකුට රුපයල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙසේ වන්දි ගෙවීමට නියම වුනේ බෝගම්බර බන්ධනාගාරයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකුට හා කාන්තා බන්ධනාගාර නියාමක නිලධාරිනියන් 4 දෙනකුටය.

අසල්වැසි කාන්තාවකට පිහියකින් ඇන තුවාල සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ කාන්තාවක් බෝගම්බර බන්ධනාගාරයේදී මෙලෙස අමානුෂික වධබන්ධනයට ලක් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇය ගොනු කළ මූලික අයිතාවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 5ක් වන්දි වශයෙන් ලබා දීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000ක් ද රජයට ගෙවන ලෙස නියෝග කළේය.

එමෙන්ම කාන්තාව වද හිංසාවට ලක්කළ බන්ධනාගාර නියාමක වරියන් 4 දෙනාට රු. 75,000 බැගින්ද ඊට උපදෙස් දුන්බව කියවෙන නිලධාරියාට රුපියල් ලක්ෂ 2ක්ද ලෙස රුපියල් ලක්ෂ 5ක් අදාල කාන්තාවට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. මේ සියලු මුදල් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු අතර අගතියට පත් කාන්තාවට මේ අනුව රු. ලක්ෂ 10ක් වන්දි ලෙස ලැබී ඇත.

වන්දි ගෙවීමට නියම වූ බන්ධනාගාර නිලධාරියාගේ අසල්වැසි කාන්තාවක වූ අගතියට පත් කාන්තාව අතින් පිහි ප්‍රහාරයට ලක් වී ඇත්තේ බන්ධනාගාර නිලධාරියාගේ බිරිය බව පෙත්සම් විභාගයේදී අනාවරණය වී ඇත. කසළ බැහර කිරිම සම්බන්ධයෙන් වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් අනතුරුව අගතියට පත් කාන්තාව බන්ධනාගාර නිලධාරියාගේ බිරියට පිහියෙන් ඇන ඇත. මෙහිදී තුවල කාරිය රෝහල් ගත කර ඇති අරත සැකකාරිය මතලේ බන්ධනාගාරයට යවා ඇත.

මාතලේ බන්ධානාගාරයෙන් බෝගම්බර බන්ධනාගාරයට මාරු කරන ලද සැකකාරිය එහිදී අමානුෂික ලෙස වධබන්ධනයන්ට ලක් කර ඇති අතර බන්ධනාගාර නියාමකවරියන් සිව් දෙනකු විසින් බිම පෙරළාගෙන ඇයට පහර දෙන අතර ”තෝව බාගෙට මරන්න කියලයි ඕ. අයි. සී . මහත්තයා අපිට කිව්වේ” යනුවෙන්ද පැවැසූ බව පෙත්සම් විභාගයේදී අනාවරණය වී ඇත.

කාන්තාවන් දෙදෙනා අතර ඇතිවූ ගැටුව පිළිබඳ පොලිස් පරීක්ෂණ අපක්ෂපාතීව සිදු වී නැති බවත්, කිසියම් පුද්ගලයකුගේ බලපෑමකට යට වී රත්තොට පොලිසිය ක්‍රියා කර ඇති බව පෙත්සම් විභාගයේදී පෙනී ගිය බව ත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහාන් කර ඇත.

Read more

Local News