වත්මන් ආණ්ඩුවට 85 ක් වන් නැති බව සජිත් කියයි

Share

පාර්ලිමේන්තුව තුළ වර්තමාන ආණ්ඩුවට 113ක් වන බහුතරය තියා 85ක් වත් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද(29) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අද දින පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉල්ලා සිටියේ බහුතර බලය ඇති පාර්ශවයට ආණ්ඩු බලය ලබා දෙන ලෙස බවයි.

මේ තුළින් පෙනී යන්නේ පැයෙන් පැය බොහෝ දෙනා සත්‍ය අවබෝධ කරගන්නා බවත් එය වර්තමාන අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට පිළි ගැනීමට නොහැකි තත්ත්වයක් වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read more

Local News