ආවා කල්ලියේ තවත් 3 ක් අත්අඩංගුවට

Share

ආවා කල්ලියට සම්බන්ධව පුද්ගල පහරදීම්වලට හා දේපළ හානි කිරීම්වලට සම්බන්ධ වු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලීසිය පවසයි.

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ හා වඩමාරච්චි ප්‍රදේශයන්ගේ සිදුවු පුද්ගල පහරදීම් හා දේපළ හානි කිරීම්වලට සම්බන්ධ තිදෙනෙකු කඩු 07 ක් සමඟ ඊයේ (01) එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය

සැකකරුවන් වයස අවුරුදු 24 ක පිරිසක් වන අතර යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකු වේ.

පොලිසිය පැවසුවේ සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ආවා කල්ලිය,ධනුරොක් කල්ලිය,අජිත් කල්ලිය හා වික්ටර් කල්ලිය වැනි කල්ලි හේතුවෙන් යාපනය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුවීම් සිදුවි ඇති බවට තොරතුරු වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය හා චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News