Home දේශීය පුවත් කරූට එරෙහි ප්‍රදේශ කිහිපයක විරෝධතා

කරූට එරෙහි ප්‍රදේශ කිහිපයක විරෝධතා

0
කරූට එරෙහි ප්‍රදේශ කිහිපයක විරෝධතා

මහ මැතිවරණයක් ඉල්ලා සහ කථානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත් විය.

මහ මැතිවරණයක් ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පාක්ෂිකයින් අනුරාධපුර ශ්‍රාවස්තිපුර මං සන්ධියේදී ඊයේ (01) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත විය.

පසුගියදා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයෙන් ආරම්භ කළ මහ මැතිවරණයක් පවත්වන ලෙසට බලකරමින් ජනතාවගේ පනස් ලක්ෂයක අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සමගාමීව ගාල්ලේ ජනතාවගෙන් අත්සන් ගැනීම ඊයේ (01) සීනිගම දේවාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මේ අතර කථානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් අද පෙරවරුවේ සිය විරෝධය දැක්වූයේ මාතර බස් නැවතුම්පොළ ඉදිරියේදීයී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here