පාසල් විසින් වියදම් අධික රංග ශාලා වෙන්කරගැනීම අවම කළ යුතුයි – අධ්‍යාපන අැමති

Share

බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසු දක්ෂතා අගයමින් සංවිධානය කළ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට පසුගියදා එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ,

පාසල්වල සංවිධානය කෙරෙන විවිධ උත්සව සඳහා ශාලා වෙන්කර ගැනීමේ දී ඇතැම් පාසල් විසින් වියදම් අධික රංග ශාලා වෙන්කරගැනීම අවම කළ යුතු බවත්, ඒ සඳහා සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කීරීමට අධ්‍යාපන ලේකම්වරයාට තමා උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ මහතා සඳහන් කළේ අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවයි.

මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීමේ දී මව්පියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, එම තත්ත්වයට වහා විසඳුම් යෙදීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

පාසල්වල උත්සව පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැති අවස්ථාවල  දී අදාළ පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයේ වෙනත් පාසල්වලින් අඩු පිරිවැයකින් යුක්තව ඒවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News