රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය ලබන 28 වන දා

Share

2017 ලබන 28 වන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය පැවැත්වීමට නියමිතය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 63 කදී සිංහල / දෙමළ – I / II / III / IV වන මට්ටම් යටතේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 7878ක් පෙනී සිටිති.

විභාග කොමසාරිස් ජනරාල් බඩ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසුවේ සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 16 වන දින තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත දුරකථන අංක මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට හැකි බවයි.

දුරකථන අංක – 0112 78 52 30 / 0112 17 70 75

Read more

Local News