එජාපයේ පෙරමුණට TNA සහය නෑ

Share

එක්සත් ජාතික පෙරමුණ විසින් ගොඩනැගිමට නියමිත නව සන්ධානය සඳහා සහය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේ, එක්සත් වාමාංශික පෙරමුණේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

තම පක්ෂය ආණ්ඩුවට සහය දක්වන්නේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නමින් නව සංධානයක් ගොඩ නැගීමට නියමිතයි.

එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීමට පෙළගැසෙන සියලූ පක්ෂ එක් කර ගනිමින් එම සන්ධානය ගොඩ නැගීමට නියමිත බවයි.

Read more

Local News