මසුන් අලෙවි කිරීමේ ජංගම සේවාවක්

Share

මේ දිනවල විශාල වශයෙන් දිවයින අවට මුහුදු කලාපයෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම හේතුවෙන් එම මසුන් අලෙවි කිරීමේ ජංගම සේවාවක් ලංකා ධීවර සංස්ථාව ඊයේ සිට (27) ආරම්භ කර තිබේ.
ඒ අනුව ලංකා ධීවර සංස්ථාවේ ලොරි රථවලින් ප්‍රවාහනය කරන මසුන් අලෙවි කිරීමේ එම වැඩ සටහන අද (28) කිරිබත්ගොඩ, ජුබිලි කනුව, රාගම, මරදාන, දෙහිවල, ගෙලිඔය, මහියංගනය, නුවරඑළිය හා ගම්පහ ප්‍රදේශවල ස්ථාන කිහිපයකදී සිදු කෙරේ.
මේ දිනවල දකුණු මුහුදු තීරය විශේෂිතව දිවයිනේ සෙසු මුහුදු කළාපවලින් මත්ස්‍ය සම්පත බහුලව නෙලා ගැනීමට හැකි වී තිබේ. එමනිසා මත්ස්‍ය මිල ගණන් ඉතාමත් පහළ මට්ටමක පවතී.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දෙනු ලැබුවේ මුහුදු වැල්ලේ දීම මිල දී  ගන්නා අළුත් මාළු ස්ථාන කිහිපයක දී පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලෙසයි.

Read more

Local News