රාජ්‍ය ආයතන දියුණු කිරීම සඳහා රජයේ සහයෝගය ලබාදිය යුතුයි – සෞඛ්‍ය ඇමැති

Share

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සහ මිල්කෝ ආයතනය එකාබද්ධව ඉදිකරන ලද සුපෝෂ සහ කිරිබීම අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ (29) ජා-ඇල කදාන ප්‍රදේශයේ දී විවෘත විය.

වත්මන් රජය යටතේ රාජ්‍ය ආයතන 11 ක් හැරුණු විට අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බවත්, රාජ්‍ය ආයතන ලාභ ලැබිය නොහැකි යන මතය මිත්‍යාවක් බවත් රාජ්‍ය ආයතන දියුණු කිරීම සඳහා රජයේ සහයෝගය ලබාදිය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධව අලෙවි මධ්‍යස්ථානයක් විවෘත කිරීම ඉතා හොඳ ලක්ෂණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය ආයතන වෙළෙද පොලට ඇතුල්වීම තුළින් මිල පාලනයක් සිදු වන බව ද සඳහන් කළේය.

ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන මෙන්ම මිල්කෝ සමාගමේ නිෂ්පාදන ද පෝෂණය අතින් ඉතා වැදගත් බවත් ත්‍රිපෝෂ නිෂ්පාදන ගර්භනී මාතාවන්ට සහ දරුවන්ට මෙතෙක් කල් ලබාදුන් අතර එහි අතිරික්ත නිෂ්පාදනය සුපෝෂ ලෙස වෙළෙදපොලට නිකුත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

 

Read more

Local News