මල් පෝච්චියකින් පහර දී පුතා පියා මරයි

Share

අම්බලන්තොට පහල බැරගම ප්‍රදේශයේදී පුතෙකු විසින් තම පියා ඝාතනය කර තිබේ.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර තිබෙන බවට වාර්තා වෙයි.

මල් පෝච්චියකින් සිදු කළ පහරදීමකින් බරපතල තුවාල ලැබු පියා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 56 හැවිරිදි අම්බලන්තොට පහළ බැරගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ පුත්‍රයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News