නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.
සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල වලට උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර, පොලොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පවසයි.
මේ අතර වයඹ පළාතේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.