අදත් සුළං වැඩියි

Share

දිවයින හරහා විශේෂයෙන් නැගෙනහිර, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට හා මන්නාරම දිස්ත්‍රික්කවලත් මුහුදු සු‍ළඟේ වේගය තරමක් වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(16) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඌව සහ මධ්‍යම පළාත්වල මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වන අතර, සබරගමුව පළාතේ ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස 2 න් පසුව වැසි ඇති විය හැකියි.

ඌව ප‍ළාතේ මඩකලපුව හා රත්නපුර දිස්ත්‍රික්කවල මිලිමීටර 75ට වැඩි තද වැසි ඇති විය හැකියි.

වයඹ, නැගෙනහිර හා බස්නාහිර පළාත්වලත් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News