නේවි සම්පත් යළි රිමාන්ඩ්

Share

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයන් එකොළොස් දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින නාවික ලුතිනන් ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් තුන්දෙනා තවදුරටත් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
එ් හේතුවෙන් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව සැකකරුවන් තිදෙනා ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
නඩුවේ දොළොස්වන සැකකරු අද දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට නියමිතව තිබුණ ද පෙරට්ටුවට සහභාගිවීමට නියමිතව සිටි සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් එම පෙරෙට්ටුව අවලංගු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Read more

Local News