වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණයක් නිසා හැටන්-කොළඹ මාර්ගය වැසේ

Share

තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද(28) උදැසන 10 ට පමණ උද්ඝෝෂණයක් ආරම්භ කළේය.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවටයි වාර්තා වන්නේ.

වතු කම්කරුවන්ට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වි රු 700 ක මුලික වැටුපක් පමණක් ලබා දි තමන්ව මුලා කල බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.

නව වැටුප් වැඩි කිරිම අනුව මිට ඉහල තමන්ට ගෙවු රු 140 ක දිරි ගැන්විමේ දිමනාවද අහිමි වු බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

කළු කොඩි අතතිව හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් උද්ඝෝෂණය කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති අතර එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අත්සන් කිරිමට වතුකරයේ දේශපාලඥයින් කටයුතු නොකල යුතු බවයි.

Read more

Local News