ඡන්ද පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව දිනේෂ් කියයි

Share

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මැතිවරණය පැවැත්වීම වැලැක්වීම සඳහා ආණ්ඩුව සියළු ආකාරයේ අවහිර කිරීම් සිදු කරන බවයි මන්ත්‍රීවරයා පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

තවද, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ ආණ්ඩුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Read more

Local News