කුලියාපිටියේ අනතුරකින් පදිකයෙක් මරුට

Share

කුලියාපිටිය පොලිස් වසමේ කුලියාපිටිය නගරයේදී නාරම්මල දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක පදික මාරුවක් මතින් ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදු ව තිබේ.

ඊයේ(01) සවස සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රී 8ට පමණ මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

මෙසේ මරණයට පත්වී අැත්තේ වයස 76ක් වූ දුමින්ද ප්‍රියදර්ශන ඉලංගරත්න නැමැති අයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News