පුද්ගල ඝාතනයක් කළ තිදරු පියාට මරණීය දණ්ඩනය නියම වෙයි

Share

පුද්ගල ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස මරණ දණ්ඩනය හිමිව තිබේ.

2000 ජනවාරි මස 22 දා කැලණිය, බොල්ලෑගල ප්‍රදේශයේ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

ඉන් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ විනිසුරුවරයා අනෙක් විත්තිකරු වරදකරු කරන බවට තීන්දු කළ අතර ඉන් අනතුරුව ඔහුට මෙම මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කළේය.

Read more

Local News