ජෙලට්නයිට් කූරු 30 ක් සමඟ අයෙක් නාවික හමුදා අත්අඩංගුවට

Share

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් නිලධාරීන් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ(10) මන්නාරම, සවුත් බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 03 ක් (කූරු 30 ක්) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ..

එහිදී අඟල් 03 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නුල් 19 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 19 ක් සොයා ගෙන ඇති අතර,  ඒවා මන්නාරම සිට සවුත් බාර් ප්‍රදේශය දක්වා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 36 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා, යතුරු පැදිය සහ ජෙලට්නයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ මෙවැනි ආකාර‍යේ පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, එමඟින් පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මඟින් සිදු විමට ගිය පාරිසරික හානිය මැඩලිමට නාවික හමුදාවට හැකි වි ඇත.

Read more

Local News