රත්නපුරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

Share

රත්නපුර පොලිස් වසමේ රත්නපුර රද්දැල්ල මාර්ගයේ දී ඊයේ(17) රාත්‍රී 10.25ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙය සිදුව ඇත්තේ පෞද්ගලික රෝද රථ මධ්‍යස්ථානයක් අසලදී වන අතර මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර රත්නපුර පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 39 ක් වු අයෙකි.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.

වැඩිදුර විමර්ශන රත්නපුර පොලීසිය පවත්වයි.

Read more

Local News