බලපත්‍රයක් නොමැතිව මැණික් ගැරූ 4ක් අත්අඩංගුවට

Share

බලපත්‍රයක් නොමැතිව පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සිව් දෙනෙක් අද(19) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කාසල්රි ජලාශයට බගවන්තලාව ප්‍රදේශයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඉවුරු කපමින් විශාල පරිසර හානියක් සිදු වන ආකාරයට මෙම ජාවාරම්කරුවන් බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ මෙම අනවසර මැණික් ගැරිමේ නිරතව සිටි බවයි පොලිසිය පැවසුවේ.

මෙම ජාවාරම්කරුවන් අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසිය වෙත ලද තොරතුරක් මත පොලිසිය විසින් වැටලිමක් සිදු කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව සහ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.

එම සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

Read more

Local News