කෝට්ටේ හිටපු නගරාධිපතිගේ නඩුව මැයි මසට කල්යයි

Share

පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය මැයි මස 27 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

පෙත්සම අද(28) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අද දින අධිකරණයට පැමිණ නොසිටි හෙයින් නඩු විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

ඒ අනුව නඩුවේ විභාගය මැයි මස 27 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

විත්තිකාර ජනක රණවක මහතා කෝට්ටේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ එම නගර සභාවේ උප නගරාධිපති ලෙස කටයුතු කළ මධුර විතානගේ මහතාගේ නිල කාමරයට අයුතු ලෙස ඇතුළු වී ඔහුගේ පරිගණකයේ තිබූ දත්ත සොරකම් කිරීම තුළින් පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ජනක රණවක මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News