නොච්චියාගම අනතුරකින් කෘෂිකර්ම නිලධාරියෙක් මරුට

Share

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ නොච්චියාගම පොළ හංදිය ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇති බවට වාර්තා වෙයි.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු නොචිචියාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ කුඩා ලොරි රථය වේගය පාලන කරගත නොහැකිව මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් පසු මාර්ගයෙන් ඉවතට පැන තිබේ.

මියගිය පුද්ගලයා 48 හැවිරිදි නොච්චායාගම කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරීයෙක් වෙයි.

අදාළ අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද(04) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිතරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නොච්චායාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News