රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් නිරාවරණය කෙරේ

Share

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (04) පෙරවරුවේ සිදු විය.

ජාතික අභිලාෂයන් වෙනුවෙන් කැපවූ විශිෂ්ට නායකයකු වූ රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ගුණ සමරුව පෙබරවාරි 26 වනදාට යෙදී තිබුණි.

ඒ නිමිත්තෙන් ඒ මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී නිරාවරණය කෙරුණු අතර ආලේඛ්‍ය චිත‍්‍රය නිරාවරණය කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

Read more

Local News