දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් තමන් එක්දින පිටියට සමුදෙන බව පවසයි.
මේ වසරේ ජුනි මාසයේදි එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එක්දින පිටියට සමුදෙයි.
කෙසේ වෙතත් තමන් 2020 වසර තෙක් විස්සයි20 පිටියේ රැඳී සිටින බව තහීර් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව හා පැවැති පළමු එක්දින තරඟයෙන් පසුව තහීර් මේ බව නිවේදනය කර තිබේ.
එක්දින තරඟ 95ක් ක්‍රීඩා කර ඇති තහීර් කඩුලු 156ක් දවාගෙන තිබේ.