පළාත් කිහිපයකට අද රස්නේ වැඩියි

Share

දිවයිනේ පළාත් කිහිපයකට අද(07) දිනය තුළ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද , නැගෙනහිර සහ පුත්තලම දිස්ත්‍රිකයේ බොහෝ ස්ථානවල උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය, මස්පිඬු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආගාත තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් ද පවතියි.

එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පාලන කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි දෑ සිදු කළ යුතු බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News