ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Share

ජාත්‍යන්තර කාන්තා දිනය අද(08) දිනට යෙදී තිබේ. ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන දිනයක් ලෙස ද කාන්තා දිනය හැදින්විය හැකිය.

2019 වසරේ ලෝක කාන්තා දිනය කාන්තාවගේ ඉදිරි උන්නතිය සඳහා සමතුලිත අවස්ථා උදා කිරීම විෂය කොටගත් “සුහුරු කතක්- සොඳුරු ලොවක්” තේමාව යටතේ සැමරුම් උත්සවයක් පවැත්වෙයි.

කාන්තාවන් 8000ගේ සහභාගීත්වයෙන් යුතුව සමගාමී වැඩසටහන් රාශියකගෙන් සමන්විත ව ජාතික උත්සවය අනුරාධපුරයේ දී පැවැත් වෙයි.

1908 වසරේ මාර්තු 08 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් පිරිසක් තම පැය 16යේ සේවා මුරය පැය 10කට සීමා කිරීමේ අයිතිවාසිකම ලබාදෙන මෙන් ඉල්ලා නිව්යෝර්ක් නුවරදී වීදි ඔස්සේ පෙළපාළි ගොස් තිබේ. එම සිදුවීමෙන් වසරකට පසුව එනම් 1909දී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳ අඳහසක් ඇතිව තිබේ. නිල වශයෙන් කාන්තා දිනය සැමරිය යුතු බවට තීරණය කෙරුණේ, 1910 වසරේදී කෝපන්හේග් නුවර පැවැති රැස්වීමකින් අනතුරුව ය.

එහිදී ඔවුන් සැමරුම් දිනය ලෙස තෝරාගත්තේ පෙබරවාරි 28 වන දා ය. එහෙත් 1910 කෝපන්හේග් නුවරදී රැස්වුණු අන්තර්ජාතික සමසමාජවාදීන් විසින් ලෝක කාන්තා දිනය ලෙස මාර්තු 8 වන දින නම් කරනු ලැබ තිබේ. මෙලෙස කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙනි.

ප්‍රථම සැමරුම කෝපන්හේග් නුවරදී පැවැති සමුළුවෙන් අනතුරුව 1911දී ලොව රටවල් කිහිපයක ලෝක කාන්තා දිනය සමරනු ලැබී ය.

කාන්තාව යනු වරක දියණියක්, මවක්, බිරිඳක්, මිත්තනියක් වන බැවින් ඇයට සැබවින් ම පුරුෂ පාර්ෂවයේ ගෞරවය හිමිවිය යුතුය.

Read more

Local News