නිවසක් බිඳ රන් භාණ්ඩ, සල්ලි සොරකම් කළ 3ක් මාට්ටු

Share

මහියංගන පඟරගම්මන ප්‍රදේශයේ දී අද(09) අලුයම 4.00ට පමණ නිවසක් බිඳ රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් හතලිස්දාහක මුදලක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පඟරගම්මන සහ කුඩාලුණුක ගම්මානවල පදිංචි අවුරුදු 18, 20 හා 40 යන වයස්වල පසුවන සිංහල සහ මුස්ලිම් ජාතික පුද්ගලයන් තිදෙනෙකි.

මෙම පුද්ගලයින් තිදෙනා අද අලුයම 2.00-3.00 අතර කාලයේදී පඟරගම්මන ප්‍රදේශයේ පිහිටි නිවස වහලයෙන් ඇතුළුවී මෙම සොරකම සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රිදීමාලියද්ද පොලීසිය පවත්වයි.

Read more

Local News