හිරුණිකාට එරෙහි නඩුවේ විභාගය කල්යයි

Share

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර සිටි බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය අප්‍රේල් මස 24 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී සිටින හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ඇයගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය නඩු විභාගය අප්‍රේල් මස 24 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර සිටියේ යැයි චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

Read more

Local News