දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට ඇරඹේ

Share

දෙවන විශේෂ මහාධිකරණය අද(14) පෙරවරු 10.00 ට අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි.

පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළේය.

ඒ අනුව එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් පත් කිරීමට අගවිනිසුරුවරයා පසුගියදා පියවර ගනු ලැබීය.

ඒ අනුව දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු අද දින සිට ආරම්භ කිරීමට නියමිත අතර එහිදී පසුගිය කාලයේ සිදු වූ බරපතල මූල්‍ය දුෂණ වංචා විභාග කිරීමට නියමිතව ඇත.

Read more

Local News