ගංජා මිශ්‍ර මාවා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

යාපනය, කොට්ටඩි ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17කට අධික තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පොලිස් ස්ථානයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්ඩංගුවට ගෙන ඇත.

සැකකරු යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වෙයි.

සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News