චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසුවයි.  ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය ලබන 16 වනදා පැවැත්විමට නියමිතයි.

ඒ අනුව දෙරට අතර 20යි 20 තරගාවලියේ පුහුණුකාර ධූරය සඳහා ස්ටීව් රික්සන් පත් කර ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.

තරගාවලියේ මේ දක්වා පැවැති තරඟ හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ.