වසන්ත කරන්නාගොඩ තුන්වන දිනටත් CIDයට එයි

Share

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා තුන්වන දිනටත් අද(19) පෙරවරු 09.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශය ලබාදෙන ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව වසන්ත කරන්නාගොඩ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියි.

සිද්ධියට අදාළව පසුගිය 11වන දා පළමු වරට වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර පසුව පසුගිය 13වනදා ද ඒ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා දෙවන වරටත් පැමිණ තිබුණි.

Read more

Local News