කුණු සඳහා විද්‍යාත්මක විසඳුමක් දෙනවිට බොරු විරෝධතා පවත්වන බව පාඨලී කියයි

Share

කුණු කඳු ගොඩගැහෙද්දී, මීතොටමුල්ලේ 33ක් මැරෙද්දි, විරෝධතා කරන්න බැරි වූ අය කුණු සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබා දෙන විට බොරු විරෝධතා පවත්වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දඹුල්ල මෙගා මයින්ඩ්ස් වැඩසටහනට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

කොළඹ කුණු ගොඩ ගැහුණා මීතොටමුල්ලේ. ගොඩ ගැහිලා ඒ ප‍්‍රශ්නේ විසඳගන්න බැරි උනාහම 2017 අපේ අමාත්‍යාංශයට ආවා. අපි කොළඹ නගරයේ කසළ එකතු කිරීම විධිමත් කළා. කසළ වෙන්කරලා බාරගත්තා. අද කොළඹ නගරයේ කසළ 90% ක් වෙන් කරලා එන්නේ. කෙරවලපිටියට යන සෑම දිරායන කසළ බිඳක්ම කොම්පෝස්ට් වෙනවා. ඒ වගේම වසරකට මිලියන 600ක්, දශලක්ෂ 600 ක් ලැබෙනවා. කොළඹ නගරයේ තිබෙන දිරා නොයන කසළ ප්ලාස්ටික් පොලිතින් කඩදාසි ආදියෙන් අද ඒක විධිමත් කර තිබෙන්නේ.

ඒ වගේම කොළඹ කසළ වලින් බලශක්තිය නිපදවන ව්‍යාපෘතියක් අපි කි‍්‍රයාත්මක කර තිබෙනවා. මම හිතන්නේ ඒක මේ වසරේදී දියත් කළ හැකියි.

ඒ වගේම කාගෙත් විරෝධතා තිබුණත් අපි අරුවක්කාලූවේ හැදුවා අවුරුදු 80 ක් ඕනේ නම් මේ මුළු ලංකාවෙම කසළ ගෙනයන්න පුළුවන් කසළ අංගනයක්. දැන් ඒකට විරුද්ධව විරෝධතා කරනවා කියලා තිබෙනවා. මම ඒ ගැන කණගාටු වෙනවා විතරයි. කූණු කඳු ගොඩගැහෙද්දි, මීතොටමුල්ලේ 33 දෙනෙක් මැරෙද්දි විරෝධතා පවත්වන්න බැරි වූ අය ඒකට විද්‍යාත්මක විසඳුම දෙනකොට පාරට එනවා.

මේ බාල දේශපාලන අපි පැරදවිය යුතුයි. ඔය බොරු විරෝධතාකරුවෝ කවුරුවත් මීතොටමුල්ල මිනිස්සුන්ගේ මලගෙවල්වල ගියේ නැහැ. මේක විද්‍යාත්මක විසඳුමක් තිබෙනවා. ඕනෙ කෙනෙකුට ගිහින් බලන්න පුළුවන් දොම්පේ සනීපාරක්‍ෂක කසළ අංගනය. මාරාන්තික උපවාස කළා, හර්තාල් කරා මට විරුද්ධව එම කසළ රඳවනය හදනවාට.

හැබැයි අද ඒක විතරයි ලංකාවේ තිබෙන එකම විද්‍යාත්මක කසළ රඳවනය. ඒක නිසා විද්‍යාත්මක ක‍්‍රමයට ඉඩ දෙන්න. කොළඹ ඩෙංගු සම්පූර්ණයෙන් මර්ධනය උනා. අපි අරගෙන සති දෙකෙන් ඩෙංගු බිංදුවට බැස්සුවා. එක ඩෙංගු රෝගියෙක් මැරුණේ නැහැ ඊට පස්සේ කොළඹ නගරයේ. කොළඹ නගරය පාලනය කළා නම් ලංකාවේ අනෙක් ඕනෙම නගරයක් පාලනය කළ හැකි බවද පැවසීය.

Read more

Local News