බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායකට වෙඩි ප්‍රහාරයක්

Share

බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදී තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

අද(20) උදෑසන ඒ මහතාගේ නිවසට ගිය ඔහුගේ ඥාතියෙකු විසින් කපිල අමරකෝන් මහතා වෙඩි වැදී වැටී සිටිනු දැක ඒ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබේ.

එහිදී තුවාල ලැබූ ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News