අනවසරෙන් මැණික් ගැරූ 5ක් මාට්ටු

Share

බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් අද(21) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බොගවාන තේ වතු යායේ තේ පදුරු ගලවා විශාල වළවල් හාරා මෙම ජාවාරම්කරුවන් පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මැණික් ගැරිමට උපයෝගි උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News