එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැළිය කොළඹ දී

Share

එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට ඊයේ(21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, කම්කරුවාට නිසි තැන හිමිවන යුගයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක, මෙවර කම්කරු දිනයේදී වැඩකරන ජනතාව එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්වීමට සූදානම් බවයි.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි දින රැළිය පැවැත්වීමටත්, එය පැවැත්වෙන ස්ථානය ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවත් එ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News