හෙද වර්ජනය අද දෙවන දිනටත්

Share

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ(26) දිනයේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද(27) ක්‍රියාත්මක වෙයි.

එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ බලධාරින්ගේ අවධානය යොමු නොවිම හේතුවෙන් අද දිනයේද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.

හෙද සේවාවේ පවතින වෘත්තිය ගැටළු සඳහා බලධාරීන් විසින් විසඳුම් ලබා නොදීමට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති සංඛේත වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට ඊයේ දිනයේ බාධා එල්ල වුණි.

සිය වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් කාලයක සිට දැනුම් දුන්න ද මේ දක්වා ඒ සඳහා විසඳුම් ලබා දී නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පෙන්වා දෙයි.

Read more

Local News