බටපොල තෙමහල් වෙළඳසැල් ගොඩනැඟිල්ලක ගින්නක්

Share

අම්බලන්ගොඩ, බටපොල නගරයේ තෙමහල් වෙළඳසැල් ගොඩනැඟිල්ලක හට ගත් ගින්නකින් එහි මහල් දෙකක් මුළුමනින්ම විනාශ වී ඇති බවට වාර්තා වෙයි.

ඊයේ(26) පස්වරු 6.00ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්නෙන් සිව් දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අදළ වෙළඳසැලේ දෙවන මහලයේ ගින්න හට ගෙන ඇති අතර ගින්න තෙවන මහලය දක්වා ව්‍යාප්ත වී ගිය බව වාර්තා වෙයි.

මෙම වෙළඳසැලේ සේවයින්, ප්‍රදේශවාසින් හා බටපොල පොලීසිය එක්ව ගින්න පාලනය කිරීමට උත්සහ කළ ඇති අතර ගින්න පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

පසුව මෙම ගින්න පාලනය කරීම සඳහා ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැත්ක්ම ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ තුනක් එක්ව ගින්න පාලනය කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බටපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News