ෆවුසිට එරෙහි පැමිණිල්ල ජුනි 28 වනදා යළි කැඳවයි

Share

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ජුනි මස 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩුවට අදාළව මුලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව නඩුව නැවත ජුනි මස 28 වනදා කැදවීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානයට අයත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් වාහනයක් තම පුද්ගලික පරිහරණයට යොදා ගෙන රජයට පාඩුවක් සිදු කළේයැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.

Read more

Local News