රිදීමාලියද්ද ඌව වත්ත කඳුවැටියේ ගින්නක්

Share

අද(02) අලුයම රිදීමාලියද්ද ඌව වත්ත කඳුවැටිය ගිනි ගනිමින් තිබෙන බවට වාර්තා වෙයි.

වන සතුන් දඩයමේ ගිය පිරිසක් විසින් ඊයේ(01) රාත්‍රියේ මෙම ගින්න තබන්නට ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

රාත්‍රි කාලයේ ආරම්භ වූ ගින්න අද අලුයම වන විටත් පැතිර යමින් තිබූ අතර රක්ෂීතයේ අක්කර 20 ක් පමණ ගිනිගෙන විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

රක්ෂිතයට පහළින් පිහිටි ගම්මානවලට මෙන්ම දික්යාය ඔයට දියවර සැපයෙන ජල පෝෂක රැසක් මෙන්ම ඖෂධීය වටිනාකමින් යුත් ගහකොළ රැසක්ද මෙම රක්ෂිතය තුළ තිබෙන බව සඳහන් වෙයි.

අතලොස්සක් වූ පිරිසක් විසින් සිදුකරනු ලබන මෙම ගිනි තැබීම් හේතුවෙන් ප්‍රදේශය තුළ විශාල පරිසර හානියක් සිදුවතැයිද ජනතාව පවසති.

Read more

Local News