සොත්ති උපාලිගේ පුතා කුඩුත් එක්ක අල්ලයි

Share

හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 549 ක් හා ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අද(02) උදෑසන කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුමුල්ල පොලිස් වසමේ තුඩුවාමුල්ල, කටුබැද්ද ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත.

නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවගේ අධීක්ෂණය යටතේ කොළඹ දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර විදේශීය රටක නිෂ්පාදිත රිපීටර් ගිනි අවියක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වු රාවතාවත්ත, මොරටුව යන ලිපිනයේ පදිංචි අරඹවෙලගේ දොන් ලක්ෂිත ප්‍රසන්න නැමති අයෙකි.

මොහු මිය ගිය ප්‍රකට පාතාල නායකයෙක් වන “සොත්තු උපාලි“ නැමැත්තාගේ පුතා වන බවට පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

සැකකරු හෙට(03) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරටුමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News