කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙක් දැලේ

Share

කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු ඩෙල්ෆ්, කුඩාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 04යි ග්‍රැම් 500ක් සොයා ගෙන තිබේ.

සැකකරු ඩෙල්ෆ් ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඩෙල්ෆ් පොලීසියට බාරදී තිබේ.

Read more

Local News