ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබාගෙන සිටි අයෙක් දැලේ

Share

ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (04) සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 10ක් හා ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 50ක් තිබී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 51 හැවිරිදි අයෙ කි.

සැකකරු කොල්ලකෑමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු වී සිටි පුද්ගලයෙකු බවටත්, වලස්මුල්ල ප්‍රදේශයේදී රන්භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවටත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සැකකරු අද(05) තංගල්ල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිත අතර තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Read more

Local News